Caricamento Eventi

« Tutti gli Eventi

නේවාසික සීල භාවනා වැඩසටහන

Ottobre 31 Novembre 3

 

තෙරුවන් සරණයි🙏 නිමා නොවන සසර ගමනක විඩා දැනෙන තැවෙන සිතකට අමා දම් දිය දෝතට රැගෙන ඇවිලෙන කෙලෙස් ගිනි නිවා දමනට… ගුරු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අභිනවයෙන් වැඩම කරනු ලබන, ධර්ම භේරී සදහම් චාරිකාව… ඔක්තෝබර් මස අග භාගයේ ආරම්භ වන අතර එම සදහම් චාරිකාවේදී, ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් මස 1,2,3 දින සතර තුළ රෝම නගරයේදී, නේවාසික සීල භාවනා වැඩසටහනක් යුරෝපයේ ජීවත්වන පින්වත් ඔබ සියලු දෙනාට සහභාගී වීමට හැකි ලෙස මේ වන විට සංවිධානය කොට අවසන්… ශාලා පහසුකම් සහ නේවාසික පහසුකම් සහිත ස්ථානයක් මේ සඳහා තෝරාගෙන ඇති අතර ගෞරවනීය ගුරු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇසුරේ දසසිල් සමාදන් වී සම්බුද්ධ පූජා, න්‍යාය දේශනා, ධර්ම සාකච්ඡා, දහම් මනසිකාරය, සක්මන් භාවනා ඇතුළු පින් කටයුතු කරමින් පින් කුසල් වඩන්නටත් , සඟ රැකවරණය යටතේ දින සතරක් නේවාසිකව ගත කිරීමට අප සියළු දෙනාට ලැබෙන දුර්ලභම අවස්ථාවක් බව මෙත් සිතින් මතක් කර සිටිමු. ඔබට පවුලක් වශයෙන්ද මෙයට සම්බන්ධ වීමට හැකියාව පවතින අතර දරුවන් සඳහා වෙනම වැඩසටහනක් පැවැත්වේ. දැනටමත් මෙම වැඩසටහනට සම්බන්ධ වීමට බොහෝ පිරිසක් කැමැත්ත ප්‍රකාශ කර ඇත. අවස්ථාව සීමිත බැවින් ඔබගේ ස්ථානය කලින් වෙන් කරවා ගැනීමට කාරුණික වන්න. පහත සඳහන් දුරකථන අංක සම්බන්ධ කර ගැනීමෙන් ඔබට අවශ්‍ය වන සියළුම තොරතුරු ලබාගත හැකි අතර ඔබගේ පැමිණීමට අදාළ තොරතුරුද අප වෙත ලබාදිය හැක.

වඩිනා මහා සඟරුවන දැක සිත් පහදා පින් කෙත තනා නිවනට යන මඟ සාදා සඟ රැකවරණ ලැබුමට අපි යමු සැවොමා යුරෝපයම මෙත් මල් සුවඳින් නහවා…

නිවනින්ම නිවී සැනසේවා…🙏 Ministry of nirvana Italy සංවිධායක මණ්ඩලය.

💫3281831023 – වසුන්දරා මහත්මිය 💫3333477464 -ජයකොඩි මහත්මයා 💫3273061292 – නදී මහත්මිය

Dettagli

Organizzatori

  • ජයකොඩි මහත්මයා
  • වසුන්දරා මහත්මිය
  • නදී මහත්මිය

Hotel ABC

Via Casal Saraceno 47
Roma, Lazio 00178 Italy
+ Google Maps